පෝලන්තයේ පිපිරීමට රුසියා -යුක්‍රේන යුද ගැටුම් බලපෑවාද ?

පෝලන්තයේ පිපිරීමට රුසියා -යුක්‍රේන යුද ගැටුම් බලපෑවාද ?

පුද්ගලයන් දෙදෙනෙකුට පෝලන්තයේදී මරු කැඳවූ මිසයිලය රුසියාවෙන් එල්ල වූවක් යැයි සිතිය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා

පෝලන්තයට මිසයිල එල්ලවූ සිදුවීම වාර්තා වී තිබෙන්නේ රුසියාව ඊයේ(15) යුක්‍රේනයට යළිත් ප්‍රහාර එල්ලකරමින් සිටි අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පෝලන්ත ජනාධිපති Andrzej Duda වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ පිපිරීම සිදුවූයේ කෙසේද යන්න තවමත් අපැහැදිලි බවයි

මෙම මිසයිලය දියත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට නිශ්චිත සාක්ෂි නොමැති බවත් බොහෝ විට එය රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් විය හැකි නමුත් මේ සියල්ල තවමත් විමර්ශනය වෙමින් පවතින බවත් පෝලන්ත ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද පෝලන්තයේ පිපිරීම සම්බන්ධයෙන් තමන් ඉතා කනස්සල්ලට පත්ව සිටින බවත් සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ ගුවන් හමුදා ප්‍රකාශක Yuri Ihnatw පවසා තිබෙන්නේ ඊයේ (15) මිසයිල 90 කට වැඩි ප්‍රමාණයක් රුසියාවෙන් එල්ල කර ඇති අතර 70 කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව මැඩ පැවැත්වූ බවයි

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙන්නේ බොහෝ රොකට් ප්‍රහාර එල්ල කර ඇත්තේ රටේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් බවයි.

Share This