
පෞද්ගලික අංශයට ඡන්දෙට නිවාඩු දෙන්න
එළඹෙන මැයි 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට අවශ්‍ය නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන් මැතිවරණ සේවා යෝජකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදෙන ලෙස කොමිසම දන්වා සිටිනවා.
ඒ පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුවයි.
මේ හැරුණුවිට කිලෝමීටර් 40ත් 100ත් අතර දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පිහිටා තිබේනම් එක දිනයක නිවාඩුවක්ද, කිලෝමීටර් 100ත් 150ත් අතර දුරක් සඳහා දින එක හමාරක්ද, කිලෝමීටර් 150ට වැඩිනම් දින දෙකක නිවාඩුවක් ලබාදෙන ලෙසයි කොමිසම ඉල්ලා සිටින්නේ.
මෙම නිවාඩු වැටුප් හෝ අනුමත පුද්ගලික නිවාඩු අඩුවිමකින් තොරව සේවකයිනට හිමිවේ.