පෞද්ගලික ණය හිමියන් එවූ යෝජනාව

පෞද්ගලික ණය හිමියන් එවූ යෝජනාව

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් මෙරට බලධාරීන්ට එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 12 කට අධික හිඟ බැඳුම්කර සම්බන්ධයෙන් එම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදී අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම විශේෂත්වයක් වනවා.

Share This