බංග්ලාදේශ අන්තර්වාර රජය හෙට දිවුරුම් දෙයි

බංග්ලාදේශ අන්තර්වාර රජය හෙට දිවුරුම් දෙයි

මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය හෙට රාත්‍රී 8 ට දිවුරුම් දීමට ඉඩ ඇති බව බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman ප්‍රකාශ කර තිබෙනවා.

එහි උපදේශක මණ්ඩලයට සාමාජිකයින් 15 දෙනෙකු සිටින බවයි බංග්ලාදේශ හමුදා ප්‍රධානී ප්‍රකාශ කර ඇත්තේ.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ප්‍රචණ්ඩකාරී ලෙස නෙරපා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස 84 හැවිරිදි යුනුස් මහතා පත් කළේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසින්.

යුනුස් මහතා අන්තර්වාර රජය මෙහෙයවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා බංග්ලාදේශය මෙහෙයවනු ඇතැයි ජෙනරාල් වේකර් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This