බංග්ලාදේශය හමුවේ – ඇෆ්ගනිස්ථානයට පරාජය

බංග්ලාදේශය හමුවේ – ඇෆ්ගනිස්ථානයට පරාජය

ලෝක කුසලාන තරගාවලියේ 03වන තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කරගත්තේ ලකුණු 156ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 4කදී ලකුණු 158ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

ඒ කඩුලු 04ක් පමණක් දැවී සිටිය දීයි.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This