බංග්ලාදේශයේ බස් අනතුරකින් 17ක් මරුට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 17ක් මරුට

බංග්ලාදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

එසේම තුවාල ලැබූ පුද්ගලයන් 35 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

රික්ෂෝ රථයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය අසළ ඇති පොකුණකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පිරිස අතර දරුවන් තුන් දෙනකු සහ කාන්තාවන් අට දෙනෙකු ඇති බව සඳහන්.

රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය අනතුරට හේතුව බවයි බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Share This