බක්මුට් ආසන්නයේ පිහිටි ඇන්ඩ්‍රිව්කා ගම්මානය යළිත් යුක්‍රේනයට

බක්මුට් ආසන්නයේ පිහිටි ඇන්ඩ්‍රිව්කා ගම්මානය යළිත් යුක්‍රේනයට

යුක්‍රේන රුසියානු යුද්ධයේ පෙරටුගාමී නගරයක් වන බක්මුට් අසල පිහිටි ඇන්ඩ්‍රිව්කා (Andriivka) ගම්මානය නිදහස් කර ගත් බව යුක්‍රේන සන්නද්ධ හමුදා අද (15) ප්‍රකාශ කළා.

නිදහස් කර ගත් ඇන්ඩ්‍රිව්කා (Andriivka) ගම්මානය පිහිටා ඇත්තේ Bakhmut නගරයට කිලෝමීටර් 14ක් දකුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

යුක්‍රේනය විසින් ප්‍රහාරක බලඇණි ශක්තිමත් කර ගැනීමෙන් පසු පසුගිය ජුනි මාසයේදී රටේ දකුණේ සහ නැගෙනහිර ප්‍රදේශවල රුසියානු හමුදාවන්ට එරෙහිව දැඩි සටන් ක්‍රියාත්මක කළා.

විශාල ජනතාවක් ජීවත් වූ නගරයක් වන Bakhmut, පසුගිය මැයි මාසයේදී රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබූවා

Share This