බටහිර ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

බටහිර ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රදේශයේ magnitude ඒකක 5.6ක භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මින් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

තත්පර 30කට ආසන්න කාලයක් මෙම භූ කම්පනය පැවති බවයි පැවසෙන්නේ.

වසර ගණනාවකට පසුව එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය මෙය බව සඳහන්.

ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ ඇල්බනි සිට කිලෝමීටර් 150ක් පමණ උතුරින් පිහිටි Great Southern නගරයේ Gnowangerup හි ඊසාන දෙසින් උදෑසන 5:34ට පමණ මෙම භූමිකම්පාව වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ Hadi Ghasemi ප්‍රකාශ කළේ භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් පැවති බැවින් එය විශාල වශයෙන් දැනුණු බවයි.

ප්‍රදේශයේ ඉතිහාසය දෙස බලන විට භූමිකම්පා බහුලව සිදුව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

එසේම පසුගිය වසර 20 තුළ රික්ටර්මාපක හතරක් හෝ ඊට වඩා විශාල භූමිකම්පා 12ක් පමණ හටගෙන ඇති බවද සඳහන්.

Share This