බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා චෝදනා එල්ලවීමෙන් පසු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කරනු ලැබුවා.

කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් පසු මේ පිලිබඳ තීරණය කළ බව්‍යි වාර්තාවුණේ.

ඒ අදාළ විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීම සඳහායි.

අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු පත් කර ඇත්තේ, අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතායි.

Share This