බයිඩ්න් සහ ට්‍රම්ප් ගැටෙයි – බයිඩ්න්ගේ පක්ෂය කනස්සල්ලෙන්

බයිඩ්න් සහ ට්‍රම්ප් ගැටෙයි – බයිඩ්න්ගේ පක්ෂය කනස්සල්ලෙන්

ජෝ බයිඩ්න් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයේ පළමු ජනාධිපති විවාදය ඊයේ(27) පැවැත්වුණා.

එම විවාදයේදී එකිනෙකාට පුද්ගලික වාචික ප්‍රහාර යොමුකරගෙන ඇති අතර විවාදය දුටු බොහෝදෙනා පවසා ඇත්තේ බයිඩ්න්ගේ ප්‍රතිප්‍රහාර ඉතා දුර්වල වූ බවයි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජෝ බයිඩ්න්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් ආර්ථිකය සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳව කතිකා කරමින් නැවත නැවතත් බයිඩ්න් සමග විවාද කළ අතර, බයිඩ්න් තම ට්‍රම්ප්ගේ අධිකරණ කටයුතු සඳහන් කරමින් විවාදය වෙනතකට ගෙන යාමට උත්සහ කළ බව සඳහන්.

2020 දී ට්‍රම්ප් පරාජය වීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන බයිඩ්න් සහ රිපබ්ලිකානුවෙකු වන ට්‍රම්ප් එකිනෙකාට අභියෝග කරන දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This