බහාලුම් රථ තදබදය අවසන් කරයි

බහාලුම් රථ තදබදය අවසන් කරයි

කොළඹ වරායේ තිබූ තදබදය අවසන් කරමින් ආනයන බහලුම් නිශ්කාශන කටයුතු රේගුව විසින් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

වරාය පරිශ්‍රයේ බහාලුම් නිශ්කාෂණයේදී ප්‍රමාදයක් හේතුවෙන් බහාලුම් රථ තදබදයක් ඇතිවී තිබුණා.

බහාලුම් රථ රියදුරන් චෝදනා කළේ මේ හේතුවෙන් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ බවටයි.

කෙසේ වෙතත් මේ වන විට එම ගැටලුව විසදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

Share This