බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක නායයාමක් -30ත් 50ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්

බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක නායයාමක් -30ත් 50ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්

දකුණු බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ත් 50ත් අතර සංඛ්‍යාවක් අතුරුදන් විය හැකි බවට විශ්වාස කරන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

පාරානා ප්‍රාන්තයේ BR-376 අධිවේගී මාර්ගයේදී මෙම නායයාම සිදුව ඇති අතර අවම වශයෙන් වාහන 16 කට පමණ හානි සිදුව ඇති බවද එරට බලධාරීහු සඳහන් කර තිබෙනවා

අයහපත් කාලගුණය පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතුවලට බාධා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම වෙරළබඩ නගරයක් වන Guaratubaහි නගරාධිපති Roberto Justus මෙම නායයාමට හසුවීමෙන් දිවි ගලවාගෙන ඇති බවත් එමෙන්ම මේ වනවිට මෙහෙයුම් කණ්ඩායම් විසින් තවත් හය දෙනෙකු බේරාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

බ්‍රසීලයේ ප්‍රාන්ත කිහිපයකට අධික වැසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් තවදුරටත් නාය යාම් ඇති විය හැකි බවට විශ්වාස කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This