බ්‍රික්ස් සමුළුවට පුටින් සහභාගි වන්නේ නැහැ – දකුණු අප්‍රිකානු ජනාධිපති

බ්‍රික්ස් සමුළුවට පුටින් සහභාගි වන්නේ නැහැ – දකුණු අප්‍රිකානු ජනාධිපති

රුසියානු ජනාධිපතිවරයා ලබන මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී නොවන බව එරට ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා

ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට දරන ඕනෑම උත්සාහයක් රුසියාවට එරෙහිව සිදු කරන යුද ප්‍රකාශයක් වනු ඇතැයි දකුණු අප්‍රිකානු නායකයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ

රුසියානු භූමියෙන් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා පිටව යන්නේ නම්, ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC ) සමග කටයුතු කර ඇති අතර පුටින්ව අත්අඩංගුවට ගැනීමට සහාය වනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාවේ විදේශ අමාත්‍ය Sergei Lavrov ජනාධිපතිවරයා වෙනුවට දෙදිනක් පුරා පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට රට නියෝජනය කරන බවයි වාර්තා වන්නේ

මේ අතර බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සහභාගිත්වය දරණ බ්‍රික්ස් සමුළුවට ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා සහභාගී වනු ඇතැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

Share This