බ්ලින්කන් ජෝර්දානයේදී පලස්තීන ජනාධිපතිවරයා හමුවෙයි – ඉරාක වැසියන් දහස් ගණනක් බැග්ඩෑඩ් නුවරට

බ්ලින්කන් ජෝර්දානයේදී පලස්තීන ජනාධිපතිවරයා හමුවෙයි – ඉරාක වැසියන් දහස් ගණනක් බැග්ඩෑඩ් නුවරට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජෝර්දානයේදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමුවී තිබෙනවා.

ඊයේ (12) ඔහු ඊශ්‍රායලයට ගොස් සිටියේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා කිරීම සඳහායි

එහිදී ඔහුට හමාස් සංවිධානය විසින් මරා දැමූ මියගිය දරුවන්ගේ ග්‍රැෆික් ඡායාරූප පෙන්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ අතර ගාසා තීරයේ පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා ඉරාක වැසියන් දහස් ගණනක් බැග්ඩෑඩ් නුවරට රැස්ව සිටිනවා

මෙම රැලියේ අරමුණ වන්නේ පලස්තීනයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් , ලේ වැගිරීම් සහ අයිතීන් උල්ලංඝනය කිරීම හෙළා දැකීම බවයි එහි සංවිධායකයෙකු වන Abu Kayan AFP පුවත් ඒජන්සියට පවසා තිබෙන්නේ

ජ්‍යෙෂ්ඨ හමාස් සහ හිස්බුල්ලා නායකයින් යාඥාවෙන් පසු විරෝධතා දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් පසුව එය අද (13) මැදපෙරදිග රටවල් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අද ලෙබනනය, ටියුනීසියාව සහ ජෝර්දානයේ එවැනි රැස්වීම් කිහිපයක් අපේක්ෂා කෙරෙනවා

Share This