බි්රතාන්ය වෛරසය ආසාදනය වී දින දහයකට පසුවත් මරණ
සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට තිබෙන බව කොවිඞ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරනවා.
එසේ වුවද මෙරට තුළ කොරෝනා ආසාදිතව සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් සිදුවීමට නම් තවත් දෙසතියක පමණ කාලයක් ගතවනු ඇති බව පවසන ඇමැතිවරිය, මේ වන විට මෙරට පැතිර යමින් තිබෙන බි්රතාන්ය කොරෝනා ප්‍රභේදය හමුවේ වෛරසය ආසාදනය වී දින දහයක් පමණ ගතවීමෙන් පසුවත් මරණ සිදුවන බවද පැවසුවා.
මේ වන විට සංචරණ සීමා කි‍්‍රයාත්මක බැවින් තත්ත්වය පාලනයට එය බෙහෙවින් ඉවහල් වූ බව පෙන්වා දෙන ඇමැතිවරිය, සංචරණ සීමා නිසා රටේ ජනතාවට අසීරුතා ඇති බව සත්‍යයක් බවත් දෙයක් කිරීමේදී ගැටලූ පැන නගින බවත් සඳහන් කර තිබෙනවා.