බීමත්ව රිය ධාවනය කළ පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

බීමත්ව රිය ධාවනය කළ පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

අම්පාර – කාවන්තිස්ස විද්‍යාලය අසළදී බීමත්ව රිය ධාවනය කළ පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ පොලිස් නිළධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම පොලිස් නිළධාරියා ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිළධාරියෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම සැකකාර පොලිස් නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති අතර සැකකාර පොලිස් නිළධාරියාට ලබන 23 වන දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසද දැනුම් දී තිබෙනවා.

Share This