බෙන්තොට සාදයකදී මත්ද්‍රව්‍ය සමග 30 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

බෙන්තොට සාදයකදී මත්ද්‍රව්‍ය සමග 30 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 21ත් 27ත් අතර පසුවන්නන් පිරිසක්.

දින දෙකක් මෙම මත් සාදය පැවැත්වීමට කටයුතු යොදා තිබියදීයී ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට බෙන්තර සහ කොස්ගොඩ පොලිසියේ රඳවා ඇති අතර ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Share This