‘බෙයිජිං ප්‍රකාශනයෙන්’ පලස්තීන ජනතාවට නව බලාපොරොත්තුවක්

‘බෙයිජිං ප්‍රකාශනයෙන්’ පලස්තීන ජනතාවට නව බලාපොරොත්තුවක්

චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

චීන විදේශ ඇමති වං යී මහතා එහිදී සංහිඳියා සංවාදයේ සමාප්ති උත්සවයට එක්වෙමින් දේශනයක් සිදු කරමින් පැවසුවේ පලස්තීනයේ පාර්ශ්ව 14 අතර සංහිඳියාව මෙවර සංවාදයේ වැදගත්ම එකඟතාව බවට පත් වන බවයි.

පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසට පත්වීම, මෙවර සංවාදයේ කේන්ද්‍රීය ප්‍රතිඵලයක් වන බව සඳහන්.

ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය හා තාවකාලික ජාතික සංහිඳියා රජය ස්ථාපිත කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එකඟතාවට පැමිණීම, මෙවර සංවාදයේ කැපී පෙනෙන ප්‍රතිඵලයක් බවයි ඔහු එහිදී පෙන්වාදී ඇත්තේ.

මෙවර සංහිඳියාව මත පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්‍ට කඩිනම් ජාතික එකමුතුව හා ස්වාධීන රටක් ගොඩනැගීමට හැකිවනු ඇති බවට චීනය අපේක්ෂා කරන බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

Share This