බොරැල්ල, සහස්පුර, සිරිසර උයන පාතාල උන්ඩවලින් තරුණයෙක් මරුට – දෙදෙනකුට බරපතලයි (VIDEO)

බොරැල්ල, සහස්පුර, සිරිසර උයන පාතාල උන්ඩවලින් තරුණයෙක් මරුට – දෙදෙනකුට බරපතලයි (VIDEO)

බොරැල්ල සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවා.

බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගනයේ රැඳී සිටි තරුණයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රි 08.40ට පමණ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

පොලිසිය පැවසුවේ පාතාල කල්ලි දෙකක් අතර සිදුවු ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට අනාවරණ වී ඇති බවයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක සංවිධාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක්.

පොලිසිය පැවසුවේ ස්කූට වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි .

එම අවස්ථාවේ වෙඩික්කරුවන් විසින් වෙඩි ප්‍රහාර 25ක් පමණ එල්ල කර ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහිදි එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 23ක් වූ කැලණිය, අකුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් සිව් දෙනා වයස අවුරුදු 21,22,23 යන වයස්වල පසුවන කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.

තුවාල ලැබූ පුද්ගලියන් දෙදෙදෙනකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම වෙඩි තැබිම සම්බන්ධයේ විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඩුබායි සිටින වනාතේ චතූ නැමැත්තාගේ මිතුරන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

අදාළ වෙඩි තැබීම දැනට ඩුබායි සිටින තවත් සංවිධානාත්මක අපරාධ කරුවෙක් බව කියන වනාතේ දුමී නැමැත්තාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

මීට පෙර වනාතේ චතූ සහ වනාතේ දුමී නැමැත්තන් එකම අපරාධ කණ්ඩායමක සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති අතර මේ වන විට ඔවුන් දෙපිලකට බෙදි ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර වනාත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩි තැබීම සහ මීට මාසයකට පමණ පෙර බොරැල්ල දුම්රිය මාර්ගයේ ඉදිරිපිට සිදුකල වෙඩි තැබීම දෙපාර්ශ්වයේ ගැටුම්වල ප්‍රතිඵලයක් මත සිදුව ඇතැයි සදහන්.

වනාතේ චතූ, වනාතේ දුමී සහ වනාතේ ජූඩ් නැමැත්තන් පානදුරේ සලිදු සහ පානදුරේ නිලංග එකට එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් පානදුරේ නිලංග පසුව කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ කණ්ඩායමට එක්ව තිබෙනවා.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිදු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසට දිගින් දිගටම මෙම වෙඩි තැබීම් සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනවාරි 01වැනිදා සිට මේ වන විට වෙඩි තැබීම් 48 ක් සිදුව ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 42 දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

Share This