භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

හෙට (04) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91 කින්, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් මෙලෙස සිදු කරන බවයි මහ බැංකුව සඳහන් කළේ.

එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000 ක, දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000 ක සහ දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදු කරනු ඇති.

Share This