භාවිතය දවසටම පැයයි – TikTok කරන්න යන දේ

භාවිතය දවසටම පැයයි – TikTok කරන්න යන දේ

වයස අවුරුදු 18න් පහළ ළමයින් සඳහා TikTok සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීම පැයක කාලයකට සීමාකිරීමට TikTok සමාගම තීරණය කර තිබෙනවා.

අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා ස්වයංක්‍රීයව කාලය පාලනය කිරීමට මෙම නව ක්‍රමවේදය යටතේ ටික්ටොක් සමාගම මැදිහත් වී කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

TikTok යෙදවුම භාවිත කරන කාලය පැයක් ඉක්මවා යන විට ඒ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකිරීමට ද TikTok සමාගම කටයුතු කරනු ඇති.

ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා දෙන බවයි TikTok සමාගම සඳහන් කර ඇත්තේ.

Share This