
මයිටා සහ සුදු මැසි උවදුර අනුරාධපුරයේ පොල් වගාව වනසයි
අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රදේශ රැසක මයිටා සහ සුදු මැසි උවදුරක් පැතිරෙමින් පවතින අතර, එහි බලපෑමෙන් පොල් වගාව විනාශ වෙමින් තිබෙනවා.
ගොවීන් පවසන්නේ කොතරම් ඉල්ලීම් සිදුකළද පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මේ දක්වා නොපැමිණි බවයි.
ගොවීන් පවසන්සේ මෙම බලපෑම හේතුවෙන් පොල් අස්වැන්න බෙහෙවින් අඩුවී ඇති බවයි.
බොහෝමයක් පොල්වල මදය නොමැති තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන අතර, ගොවීන් පවසන්නේ මෙම තත්ත්වයටද මයිටා සහ සුදුමැස්සාගේ බලපෑම හේතු වී ඇති බවයි.