
මරදානේ විශේෂ පොලිස් මෙහෙයුමක් (VIDEO)
මරදාන ප්රදේශයේ ඊයේ (27) සවස පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
මරදාන ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කර තිබූ අතර එහිදී පොලිස් නිල සුනඛයින් ද යොදාගෙන පරීක්ෂා කිරීම් සිදුකළා.
එහිදී පොලීසිය පැවසුවේ වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.