මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

මසට අලෙවි කිරීමට ගෙනගිය බළලුන් 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ පොලිසිය විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සත්ත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගේ ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ පොලිසිය නැගෙනහිර Zhangjiagang නගරයේ දී බළලුන් රැගෙන යමින් තිබූ ට්‍රක් රථය වටලා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී බළල් මස් වෙළඳාමක් අනාවරණය වූ අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද නව ගැටලුවක් මතුකර තිබෙනවා.

ගලවාගත් බළලුන් අයාලේ ගිය හෝ සුරතල් සතුන් ද යන්න තවමත් අනාවරණය කරගෙන නැහැ.

බළලුන්ව රටේ දකුණු පළාතට ගෙන යමින් සිටි අතර එහිදී බළල් මස් ඌරු මස්, බැටළු මස්, සහ සොසේජස් ලෙස අලෙවි කිරීමට සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This