මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් හෙට

මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මහජන අදහස් සඳහා විවෘතව පවතින බව මහ බැංකුව පවසනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු පනත් කෙටුම්පත අනුමත වීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය වන අතර අදාළ යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ සිංහල මාධ්‍යයෙන් ප්‍රසිද්ධ දේශනයක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එම දේශනයෙන් අනතුරුව ඊට සහභාගීවන්නන් හට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා සම්පත් දායක මඩුල්ලක සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිතයි.

අදාළ දේශනය හෙට (16) පස්වරු 2.30 සිට 4.30 දක්වා අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයෙහි පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු විදුපියස ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This