මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කරයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබෙනවා.

ඒ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ (23) සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පැවැත්වීමෙන් අනතුරුවයි

මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්,9% සහ 10% දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බවයි සඳහන් වන්නේ.

Share This