මහ බැංකුවේ මුදල් අස්ථානගත වීමේ සිද්ධියේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

මහ බැංකුවේ මුදල් අස්ථානගත වීමේ සිද්ධියේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ රුපියල් මිලියන 5 ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.

පසුගියදා අප්‍රේල් 11 වනදා සිදු කළ මුදල් මෙහෙයුම්වලදී මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ මුදල් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අභ්‍යන්තර පාලනයන් සහ ක්‍රියාවලීන් යනාදිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

Share This