මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළ හැටි

මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළ හැටි

ශ්‍රී ලංකා මහ බැංකුව වසර 70කට වැඩි කාලයක් තුළ රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රමාණය පිළිබඳව පෙන්වා දී තිබෙන බව bbc පුවත් සේවය වාර්තා කර තිබෙනවා

මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව ආර්ථිකයට බලපෑ හේතු අතර ප්‍රතිපත්තිමය අඩුපාඩුද තිබූ බවයි එහි සඳහන්ව ඇත්තේ.

එමෙන්ම ලබන වසරේ ආර්ථිකය නැවත වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකුව පවසනවා.

මේ වසරේ ආර්ථිකය 2% කින් හැකිලෙනු ඇති නමුත් 2024 දී 3.3% කින් පුළුල් වනු ඇති බව මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ දක්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැවුම් පළතුරු, තිරිඟු සහ බිත්තරවල මිල දෙගුණයකට වඩා වැඩි වීමත් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 70% කට ආසන්න වූ ආකාරය ද මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ සමගම ප්‍රවාහන වියදම් සහ විදුලිය, ජලය වැනි අත්‍යවශ්‍ය උපයෝගිතා පිරිවැය ද වේගයෙන් ඉහළ ගිය බවද පැවසෙනවා.

පසුගිය වසරේ, ආර්ථිකය 7.8% කින් හැකිලී ගිය අතර, 1948 දී නිදහස ලැබීමෙන් පසු පළමු වතාවට විදේශ ණය පැහැර හැරි බවද bbc පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Share This