මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (11) මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා

අනතුරුව මධ්‍යහන 12 සිට පස්වරු 1:30 දක්වා කාලය විරෝධතා කාල සීමාව ලෙස නම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

විරෝධතා කාල සීමාවෙන් පසුව නාම යෝජනා භාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ විස්තරය ප්‍රකාශ කිරීමට නියමිතයි

මීට අමතරව නාම යෝජනා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෙළපාලි හෝ කණ්ඩායම් වශයෙන් එක් රැස් වීම ද තහනම් බවයි එම කොමිසම වැඩිදුරටත් පැවසුවේ

Share This