
මහනුවර – කොළඹ පහළ කඩුගන්නාව යළි වසා දමයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් අනුව අද පස්වරුවේ සිට මහනුවර – කොළඹ පහළ කඩුගන්නාව මාර්ගය වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා පවසනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ග සියල්ල ඉදිරි දින හතර තුළ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි මාර්ග සංවර්ධන අධිකාරී අධ්යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසන්නේ.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් වු පේරාදෙණිය පාලම පිළිසකර කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළා.
