
මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර
මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා
ඒ අදාළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති අවස්ථාවේදීයි
මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලින පියවර සහ අනෙකුත් වසරවල විද්‍යාර්ථීන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි පියවර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම මෙහිදී දිගු කාලින වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යධාරලාභීන් වෙනුවෙන් ඇති පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා