මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන ඉහළට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නායයාමෙන් මිය ගිය ගණන ඉහළට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ නායයෑමෙන් 20 දෙනෙකු මිය ගොස් තවත් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ සිදු වූ මෙම නායයාමෙන් නිවාස 17 විනාශ වී ඇති බව සඳහන්.

එම ප්‍රදේශයට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ නවතා දැමූ ගලවා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කඳු පාමුල සහන කඳවුරු පිහිටුවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 98 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා

එමෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය Eknath Shinde මියගිය අයගේ පවුල්වලට රුපියල් 500,000 බැගින් වන්දි ලබා දීමට කටයුතු කරන බවයි

Share This