මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙහෙයුම් නවතී – නායයෑමෙන් පුද්ගලයින් 57 දෙනෙකු තවමත් අතුරුදන් – සිරුරු 27ක් සොයා ගැනේ

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙහෙයුම් නවතී – නායයෑමෙන් පුද්ගලයින් 57 දෙනෙකු තවමත් අතුරුදන් – සිරුරු 27ක් සොයා ගැනේ

බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයක ඇතිවූ නායයාමකින් පසු දින හතරක් පුරා දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා කළ මෙහෙයුම් ඉන්දීය බලධාරීන් විසින් නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Raigad දිස්ත්‍රික්කයේ Irshalwadi ගම්මානයේ සිදුවූ නායයෑමෙන් පුද්ගලයින් 57 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර සිරුරු 27ක් සොයාගෙන තිබෙනවා

පැවති දැඩි වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ලිස්සන සුළු වූ භූමි ප්‍රදේශය මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ලවූ බවයි පැවසෙන්නේ

Raigad දිස්ත්‍රික්කයේ පාසල් වසා දමා ඇති අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට තවත් වැසි ඇති විය හැකි බවට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා

 

Share This