
මාරක රිය අනතුරක්
ගාල්ල – මොගොල්ල ධීවර වරාය භූමියේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.
26 හැවිරිදි මියගිය තරුණයා තෙන්කල්ලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.