මාර්ග 1,500ක් ‘එක් දිනක් තුළ’ ජනතා අයිතියට

මාර්ග 1,500ක් ‘එක් දිනක් තුළ’ ජනතා අයිතියට

ප්‍රධාන මාර්ගවලට හා අධිවේගී මාර්ගවලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සිය අභ්‍යන්තර ග්‍රාමීය හා අතුරු මාර්ග කි.මී. 1,00,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කළ මාර්ග 1,500ක් ‘සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිම වන දවස’ යන තේමාව යටතේ එක් දිනක් තුළ ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය, මන්ඩාඩුව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි මෙම මාර්ග 1,500ක් නිම කර ඇති අතර . මෙම මාර්ග සියල්ල මාස 03ක් ඇතුළත නිම කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් නිරෝධායන ඇඳිරි නීතිය විටින් විට පැනවූවත් රටපුරා ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල නොකඩවා සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව සිදු කළ නිසා මෙම මාර්ග 1,500ක් ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This