මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන ඉන්ධනහල් ගැන තීරණයක්

මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන ඉන්ධනහල් ගැන තීරණයක්

පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන සිපෙට්කෝ ඉන්ධනහල් සම්බන්ධයෙන් අවශ්‍ය කළමනාකරණ තීන්දු ගන්නැයි බලශක්ති ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද (13) පැවති අවස්ථාවේදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කරන ලෙසයි.

 

Share This