මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පවසන්නේ මාලිමා ආණ්ඩුව ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බවයි.

වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සිදුවන බව විපක්ෂ නායකවරයා ගේ අදහසයි.

මෙයින් ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද පැවසුවා.

රජය ගෙන ඇති මෙම පියවර නිසා කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහ සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්ව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් පවසනවා.
විපක්ෂ නායකව‍රයා පෙන්වා දෙන්නේ ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි පිරිසකට මේ කෝෂක පැනල ගාස්තු 45%කින් අඩු කිරිම නරක ලෙස බලපා ඇති බවයි.

එපමණක් නොව ඔවුන්ගේ රැකියා අවදානම් වී ඇති බවත්, මුළු ක්ෂේත්‍රයම ගැටලු රැසකට මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

අප රටට බලශක්ති අර්බුධයක් ඇති මොහොතක 2024 වසර වන විට මෙගාවොට් 500ක දායකත්වයක් අපේ බලශක්ති පද්ධතියට සූර්ය බල ක්ෂේත්‍රය හරහා උත්පාදනය වූ බව ඔහු පෙන්වා දෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර්න්නේ රජයේ තේමාව වන්නේ 70%ක පුනර්ජනනීය බලශක්තියට යාම වුවත් වත්මන් රජය සූර්ය බලශක්තිය හා පුනර්ජනනීය බලශක්තිය විනාශ කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කරන්නට යන බවයි.

ගෝලීය වෙළෙදපොළ් සිදුවන වෙනස්කම් රුපියල අවප්‍රමාණය වීම යන ගැටලුවලට සූර්ය බලශක්තිය විශාල ශක්තියක් බව විපක්ෂ නායකවරයා පැවසුවා.

ඔහු පෙන්වා ඉල්ලා සිටින්නේ මෙය විදේශ විනිමය රටින් පිටවීම පවා අවම වන නිසා මේ තීරණය ගැන නැවත සිතා බලන ලෙසයි.

 

Share This