මාවනැල්ල පස් කණ්ඩියට යට වූ තිදෙනාගේම මළ සිරුරු හමුවේ (VIDEO)

මාවනැල්ල පස් කණ්ඩියට යට වූ තිදෙනාගේම මළ සිරුරු හමුවේ (VIDEO)

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාවනැල්ල මූලික රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔවුන් රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පාට්ටගම, ගල්අතර පදිංචි පී.ජී.ජිනසෝම (අවු 63) පාට්ටගම, ගල්අතර පදිංචි එස්.පී.ලලිත් ප්‍රියන්ත ( අවු 40) සහ ඇපලාව,ගල්අතර පදිචි සංජීව නන්දසිරි   (අවු. 47 ) යන අයයි.

 


Share This