
මාස 6 ට සංචාරකයින් 11,68 000 ක් ඇවිත්
නීතිවිරෝධි සංචාරක මගපෙන්වන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මෙරට පවතින සංචාරක මගපෙන්වන්නන්ගේ හිගතාවය හේතුවෙන් බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මෙම වසර තුළ සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීම, රජයේ අපේක්ෂාව වන අතර ගතවූ මාස 6ක කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 68 000 වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.
සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කිරීම වෙනුවෙන් නව සංචාරක පනතක් ඉදිරිපත් කිරීම සදහා වත්මන් රජය මේ වන විට ප්‍රවිශ්ඨ වී ඇති අතර මෙරට, සංචාරක මගපෙන්වන්නන්ගේද හිගතාවයක් පවතින බවට සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.