මාස තුනක් වයසැති බිළිඳියක විකුණා හෙරොයින් ජාවාරම් කළ අම්මයි,තාත්තයි

මාස තුනක් වයසැති බිළිඳියක විකුණා හෙරොයින් ජාවාරම් කළ අම්මයි,තාත්තයි

මාස තුනක් වයසැති  බිළිඳියක විකුණා එම මුදලින් හෙරොයින් ජාවාරම් කළ අඹුසැමි යුවළක් පසුගිය දා කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකාරියගේ අත් බෑගයේ තිබුණු කුඩා ගවුමක් හමුවී තිබෙනවා

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය මාස තුනක් වයසැති  බිළිඳිය රුපියල් ලක්ෂ 7ක මුදලකට අනුරාධපුර ප්‍රදේශයේ අඹු සැමි යුවළකට විකුණා ඇති බවට අනාවරණය වී තිබෙන අතර කුරුණෑගල නගරයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් බිළිඳිය එම අඹුසැමි යුවළට ලබා දී බවයි සඳහන් වන්නේ

බිළිඳිය විකුණා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබා ගෙන ඇති බවත් ඉන් රුපියල් 30,000කින් කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් රැගෙනවිත් ජාවරම් කර තිබෙනවා

ඉතිරි රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක මුදල බැංකුවේ තැන්පත් කර ඇති බව සැකකාරිය ප්‍රකාශ කර ඇතැයි පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කළ බව එම පුවත්පතේ සඳහන් කර තිබෙනවා .

කුරුණෑගල වැව්ගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක් වයසැති සැකකරු ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 2300ක් සහ වයස අවුරුදු 28ක් වූ සැකකාරිය සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 80ක් සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ .

 

Share This