මාසයකට අඩු කාලයකදී ඉන්දියාවේදී මිය ගිය දෙවැනි අප්‍රිකානු චීටා

මාසයකට අඩු කාලයකදී ඉන්දියාවේදී මිය ගිය දෙවැනි අප්‍රිකානු චීටා

අප්‍රිකාවේ සිට ඉන්දියාවට රැගෙන ආ චීටා මාස දෙකකට පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මාසයකට අඩු කාලයකදී ඉන්දියාවේ සිදුවූ චීටාවන්ගේ දෙවැනි මරණය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාවේ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ ,මධ්‍යම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයේදී “උදය” නැමැති මෙම පිරිමි සතා මියගිය බවයි.

මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර බලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රිකාවේ සිට පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවට ගුවනින් චීටාවන් 20 දෙනෙක් පමණ රැගෙනවිත් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This