මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පුළුල් කළ හැකි ආකාරය ගැන කියන විපක්ෂ නායක
අපනයනය ප්‍රවර්ධනය කිරීම උදෙසා බදු සහන ලබාදී වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ පාර්සලයකට ඩොලර් 200ක පැකේජයක් ලබාදීම තුළින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කළ හැකි කර්මාන්තයක් බවට පුළුල් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම අපනයන කර්මාන්තයක් ලෙස මේ සඳහා ලබා දිය හැකි ඉහළම සහන ලබාදිය යුතු අතර මෙම කර්මාන්තයේ ශුද්ධ ලාභයට බදු නොගැසිය යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.
එබැවින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධනාත්මක ප්රගතිශීලී වැඩකටයුතු ක්‍රියාත්මක කරන්න කෙටි කාලයක් තුළ කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.