මැතිවරණයට අදාළ නඩුවට ජෝර්ජියාවට පැමිණි ට්‍රම්ප් පිටව යයි

මැතිවරණයට අදාළ නඩුවට ජෝර්ජියාවට පැමිණි ට්‍රම්ප් පිටව යයි

ජෝර්ජියාවේ 2020 මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට දැරූ ප්‍රයත්නයෙන් සම්බන්ධයෙන් චෝදනා රැසකට ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාර වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාවෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ වසරේ හිටපු ජනාධිපතිවරයා අපරාධ චෝදනාවලට මුහුණ දුන් සිව්වන අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ

හිටපු ජනාධිපතිවරයා පැය එකහමාරකට වැඩි කාලයක් ඇට්ලන්ටාවේ සිට ඇති අතර ,ගුවන් යානයට ගොඩවීමට පෙර තමා කිසිම වරදක් නොකළ බව වාර්තාකරුවන්ට පැවසූ බවත් සඳහන්

ට්‍රම්ප් ඔහුට එරෙහි අපරාධ නඩුව විස්තර කර ඇත්තේ යුක්තියේ සරදමක් ලෙසටයි

මේ අතර හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ෆුල්ටන් ප්‍රාන්තයේ බන්ධනාගාරයේ තබා ඇති බව බන්ධනාගාර වාර්තා පෙන්වා දෙන අතර ඔහු අංක P01135809 දරන රැඳවියෙකු ලෙස සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ට්‍රම්ප්ගේ උස අඩි 6 අඟල් 3ක් සහ බර රාත්තල් 215ක් බවද බන්ධනාගාර වාර්තාවේ දැක්වෙන බවත් සඳහන්

ට්‍රම්ප් ඩොලර් 200,000ක බැඳුම්කරයක් සහ නඩුවේ සම-විත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා නොකිරීම ඇතුළු අනෙකුත් නිදහස් කොන්දේසි වලට එකඟ වීමෙන් පසු නිදහස් කර තිබෙනවා

හිටපු ජනාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු භාර වීමෙන් පසු ට්‍රම්ප් සහ සම විත්තිකරුවන් 10 දෙනෙකු දැන් ඇප මත නිදහස්ව සිටින අතර එක් විත්තිකරුවෙකු වන හැරිසන් ෆ්ලොයිඩ් තවමත් අත්අඩංගුවේ පසුවන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This