
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලිය සමරයි
ශ්‍රී ලංකාවේ කතෝලික ආගමික ඉතිහාසය තුළ අමරණීය ස්ථානයක් හිමි වන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලිය ඊයේ දිනට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් වූ පූජකවරයේ ස්වර්ණජයන්ති දිව්‍ය පූජා යාගය අද පැවැත්වුණේ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදීයි.
1947 වසරේ නොවැම්බර් මස 15 වැනිදා උපත ලද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පියතුමෙකු ලෙස පත් වන්නේ 1975 වසරේ ජුනි මස 29 වැනිදායි.
උන්වහන්සේ මෙතෙක් පැමිණි දීර්ඝ කාලීන ගමන් මඟ තුළ මුළු මහත් සමාජයටම සත්‍යවාදීව මඟපෙන්වීමකින්, සාමය සහ සාධාරණත්වය වෙනුවෙන් අභියෝගාත්මක ගමන් මඟක නිරත වනවා.
ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ ඊයේ දිනට යෙදී තිබුණ පූජක දිවියේ 50 වන සැමරුම වෙනුවෙන් සංවිධාන කෙරුණු පූජකවරයේ ස්වර්ණජයන්ති දිව්‍ය පූජා යාගය අද කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේදී පැවැත්වුණා.