මිද්දෙණියේ ද්විත්ව ඝාතනයේ සහ මාදම්පේ කාන්තාවක ඝාතන සැකකරුවන් අත්අඩංගුවට

මිද්දෙණියේ ද්විත්ව ඝාතනයේ සහ මාදම්පේ කාන්තාවක ඝාතන සැකකරුවන් අත්අඩංගුවට

වෙඩි තබා ද්විත්ව මනුෂය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මිද්දෙණිය ,සමූහ ගොවිපළ තේක්ක වත්ත ප්‍රදේශයේදී පසුගිය ජූනි 24 වැනි දින වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදුකිරීමේ විමර්ශන තංගල්ල අපරාධ කොට්ඨාශය ආරම්භ කර තිබූ අතර විමර්ශන නිලධාරීන් ලද තොරතුරකට අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ව‍යස 25 හැවිරිදි වියේ පසුවන්නන් බව පොලීසිය පැවසුවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී උෂි වර්ගයේ ගිනි අවියක්, මි.මී.9 වර්ගයේ පිස්තෝලයක්, බෝර 12 වර්ගයේ පතුරම් 25 ක්, අංක 45 ලෙස සටහන් ජීව උන්ඩ 04 ක් , ටී 56 වර්ගයේ ජීව උන්ඩ පතුරන් 19 ක්, ටී 56 වර්ගයේ හිස් පතුරන් ගැබ 02 ක්,අත් විලංගු යුවලක් සහ හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 120 ක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ දී කාන්තාවක් පසුගිය ජූලි 22 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මාදම්පේ ,ඉරට්ටකුලම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 33 ක් වූ ඔහු මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කළා.

 

 

Share This