
මුත්තියාන්කට්ටු තරුණයකු මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවේ සිටින සෙබළුන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් පෙරට්ටුවේ දී හදුනා ගනී
මුලතිව් ,මුත්තයාන්කට්ටු යුද හමුදා කදවුරට ඇතුලුවීමෙන් අනතුරුව මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්භන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් සිව් දෙනා මේ මස 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මුලතිව් වැඩබලන මහේස්ත්රාත්වරයා අද(20) නියෝග කළා.
අත් අඩංගුවට ගත් සැකකාර සෙබලුන් පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර පහර දීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විසින් සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනකු හදුනාගෙන තිබෙනවා.
මෙහිදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ මුලතිව් 12 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ සෙබලුන් සිව් දෙනෙක්.
පසුගිය 09 වැනිදා සවස අබලි යකඩ එකතු කිරීම සදහා මුලතිව් ,මුත්තයාන්කට්ටු හමුදා කදවුරට පැමිණි තරුණයකු යුද හමුදාව දැක පළා යාමේදී මුත්තියාන්කට්ටු වැවෙ ගිලී මියගොස් සිටිය දී ඔහුගේ සිරුර සොයා ගත්තා.
එසේ වැවේ ගිලී මියගොස් සිටිය දී සොයා ගැනුණේ ජීවනගර් පදිංචි එදිරමනසිහම් කපිල්ර්ර්රාජ් නමැති 32 හැවිරිදි තරුණයෙක්.