මුදල් අමාත්‍යාංශයේ මහජන දිනය

මුදල් අමාත්‍යාංශයේ මහජන දිනය

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් “මුදල් අමාත්‍යාංශයේ මහජන දිනය” අද (11) පවත්වා තිබෙනවා.

ආයෝජකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසට හා රටේ පොදු ජනතාවට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වීමේ දී මතුවන ගැටලු ඍජුවම මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව මෙහිදී උදාවී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම හමුවේදී ඉදිරිපත් වූ සියලු ගැටලු අදාළ බලධාරීන් වෙන ඍජුවම යොමු කරමින් කඩිනමින් පිළිතුරු සෙවීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී ද මහජන දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මුදල් අමාත්‍යාංශ විෂය පථයට සම්බන්ධ ගැටලු ඍජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා එහිදී ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

Share This