මුදල් වංචාකර සැගවී සිටි කතකට වැඩ වරදී

මුදල් වංචාකර සැගවී සිටි කතකට වැඩ වරදී

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකර සැගවී සිටි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තිබෙනවා.

මෙම කාන්තාව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් වංචාකර අධිකරණය මගහරිමින් සැගවී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ් අනුව සැකකාරිය කහවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුවයි විමර්ශන නිලධාරීන් විසින් ජූනි මස 29 වන දින අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (30) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ජූලි මස 5 දින ගම්පහ අධිකරණයේ පෙනී සිටීමට ඇයට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.

Share This