මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ

ජතික ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ පිළිබද ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත යවා ඇති අතර පවතින පුරප්පාඩුව සම්බන්ධයෙන් මහලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

අදාල ඉල්ලා අස්වීම අද සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය පැවසුවේ.

Share This