
මුහුණු පොතේ හරුප ලියුවොත් බලාගෙනයි
සමාජ මාධ්‍ය අතර මුහුණු පොත භාවිතා කරන පුද්ගලයන් ඔවුන්ගේ නිල ගිණුම හරහා අසභ්‍ය වචන භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
තම අදහස් බෙදා හදා ගන්නට වේදිකාවක් වූ මුහුණු පොත තුළ සභ්‍ය වග්මාලාවක් භාවිතා කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.
යම් කිසියම් පුද්ගලයෙකු තම නිල ගිණුමේ අසභ්‍ය වචන භාවිත කිරීම තුළින් ඔහුගේ චරිතය ඝාතනය විය හැකි බවත් , එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.